Introduction (පිවිසුම)
ඉස්සෙල්ලම මම මේ game එක ගැන පොඩි හැඳින්වීමක් කරලම පටන් ගන්නම්. DOTA 2, League of Legends වගේ MOBA ( Multiplayer online battle arena) type එකේ game එකක් තමා AoA(Ace of Arenas) කියන්නෙ. මේ වගේ game එකකදී කරන්න තියෙන්නේ game එකෙන් හදුන්වාදෙන Hero ලාගෙන් තමන්ට කැමති කෙනෙක්ව තෝරාගෙන එයාගේ තියන Abilities, Special powers වගේ දේවල් පාවිච්චි කරලා enemy base එකේ core එක විනාශ කර දැමීමයි. හැබැයි අපි හිතන තරම් මේක ලේසි වැඩක් නෙමේ. core එක ලග Enemy turrets (ඒ කියන්නෙ core එක කඩන්න එන hero ට Damage කරන tower එකක් වගේ දෙයක්) 3කුයි Map එක මැද්දේ ඒ වගේම තව 3කුයි තියනව. ඉස්සෙලම ඒවා විනාශ කරලා තාම Core එක ගාවට යන්න වෙන්නේ. Enemy team එකත් ඔය දේමයි කරන්න උත්සහ කරන්නේ. ඉස්සෙලම කුළුණු ටික විනාශ කරලා core එක destroy කරන team එක තමා match එකෙන් win කරන්නේ. අපි සෙල්ලම් කරන්නේ අපි වගේම මිනිස්සු ටිකක් එක්ක හින්ද හොදට මොලේ කල්පනා කරලා අපේ hero ට තියෙන්නේ මොන වගේ powers ද කියන එක තේරුම් අරගෙන හරියට plan එකකට වැඩ කලොත් දිනන්න පුළුවන්.
තව තව පට්ට ආතල් තියනව මේකේ clan එකක් හදල තව clan එක්ක battle දාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියනව.
තව තව පට්ට ආතල් තියනව මේකේ clan එකක් හදල තව clan එක්ක battle දාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියනව.
Map (සිතියම)
ඔය තියෙන්නේ AoA එකේ map එකක් නම් නෙමෙයි. ඕක dota 2 එකේ map එකක්. නමුත් AoA එකේ map එකත් ඔය වගේම තාම පොඩි පොඩි දේවල් ටිකක් ඇරුනම. උදාහරණයක් විදියට ඔය මැද්දේ තියන lake එක AoA එකේ නැහැ. කොහොමත් මේ map එකට වැඩ AoA වල map එක සරලයි.
ඔය map එකේ නිල පාට රවුමකින් දක්වල තියෙන්නේ අපේ team එකේ core එක. එතකොට කහ පාට කොටු වලින් දක්වල තියෙන්නේ අපේ turrets. ඒව වලින් තාම enemy ලට attack කරන්නෙ. ඒ විදියටම enemy core එක රතු පාට රවුමකිනුත් enemy turrets කොළ පාට කොටු වලිනුත් දක්වල තියනව. දැන් ඔයාලට පේනවා ඇති enemy core එකට attack කරන්න පුළුවන් පාරවල් 3ක් තියනව කියල. සාමාන්‍යයෙන් අපි මේ පාරවල් හදුන්වන්නේ Lanes කියල. උඩින්ම තියන lane එකට කියන්නෙ Top lane කියල. ඒ විදියට මැදින් තියන lane එක Mid lane කියලත් යටින්ම තියන lane එක Bottom Lane කියලත් අපි හදුන්වනවා.
අපි මොන team එකේ හිටියත් අපිට කරන්න තියෙන්නේ ඔය lane 3න් එකක් තෝරාගෙන ඒ lane එකේදී හම්බ වෙන turrets විනාශ කරගෙන enemy side එකේ තියන core එක විනාශ කිරීමයි.
මෙතෙන්දි අපේ උදව්වට Minions කියල හදුන්වන පොඩි සත්තු වගේ ජාතියක් core එකෙන් මතු (spawn) වෙනවා. turret එකකට attack කරද්දී ඉස්සෙල්ලම minions ල attack එක පටන් ගන්නකම් ඉදල තමා අපි attack කරන්න පටන් ගන්න ඕනේ. turret එකෙන් minions ලට හානියක් නැති එක තමා එකට හේතුව. කොහොමත් game එක start උන ගමන්ව අපේ minions ලව ආරක්ෂිතව enemy minions ලාගෙන් බේරාගෙන enemy turret එක ගාවට අරන් යන එක තමා අපේ මූලික කාර්ය. හැබැයි minions ල මරුන කියල බය වෙන්න ඕනේ නෑ. අපේ core එක තියනකම් minions ල දිගටම spawn වෙනවා. core එක විනාශ කලට පස්සේ game එක ඉවර වෙන්නේ මොකද කියල දැන් ඔයාලට තේරෙනවා ඇති.
User interface
මේ තියෙන්නේ gameplay screenshot එකක්. මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ game එකේ මුලික controls ටික සහ Items, වගේම hero ගේ abilities හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාලට පොඩි අවබෝධයක් ලබාදීමයි.
දැන් ඔය screenshot එක දිහා බලන්න. කොළ පාටින් health එක පෙන්නන්නේ අපේ hero ලගේ. ඒ වගේම රතු පාටින් health එක පෙන්නන්නේ enemy hero ලගේ. තව ඔයාලට පේනවා ඇති health එකට එහා පැත්තෙන් 8,9,10 වගේ ඉල්ලක්කම් වගයක්. එකෙන් පෙන්නුම් කරන්නේ hero ගේ level එක. max level එක තමා 10. game එක පටන් ගද්දි හැම hero කෙනෙක්ම ඉන්නේ level 1 වල. minions ල enemy hero ල මරද්දී තාම level up වෙන්නේ. තව ඔය hero ලට අමතරව පොඩි පොඩි සත්තු වගේ ඉන්නේ මම අර කලින් කියපු minions ල තමයි.
දැන් අපි බලමු අංක 1න් පෙන්නන්නේ මොකක්ද කියල. ඔය 1,2,3 න පෙන්නන්නේ hero ට තියන abilities. 1 සහ 2 තමා අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. 3න් පෙන්නන ability එක පාවිච්චි කරන්න ඕනේ enemy heroලට විරුද්දව විතරයි. ඒ ability එක minions ලට විරුද්ධව පාවිච්චි කලාට ප්‍රයෝජනයක් නැහැ.
ඔයාලට තව පේනවා ඇති ability එකට උඩින් + ලකුණක් තියනව. ඕක එන්නේ සෑම level up වීමකදියි. game එක පටන් ගද්දි අංක 1න් පෙන්නන ability එකට උඩින් ඔය + ලකුණ ඇවිත් තියනව. එතකොට පටන් ගද්දිම ඒ + ලකුණ touch කරලා එක add කරගන්න. ඔය විදියට සෑම level up වීමකදීම මොකක් හරි ability එකකට ඔය වගේ + ලකුණක් එනවා.ඒ වගේ ආවම ඒක touch කරලා ability එක increase කරගන්න පුළුවන්. තව ඔයාලට පේනවා ඇති 3න් පෙන්නන ability එක, ඒ කියන්නෙ enemy hero ලට විරුද්දව පාවිච්චි කරන ability එකේ 54 කියල තියනව. එකෙන් කියවෙන්නේ ability එකේ cooldown වෙන්න තව තත්පර 54ක් තියනව කියන එක. ඕනෙම ability එකක් පාවිච්චි කලාට පස්සේ cooldown වෙන්න ටික වෙලාවක් යනවා. 1වෙනි එකයි 2වෙනි එකයි cooldown වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ නමුත් 3 වෙනි ability එක cooldown වෙන්න ටික වෙලාවක් යනවා. ඒකයි මම ඔයාලට කිව්වේ 3වෙනි ability එක හෙරෝලට විරුද්ධව විතරක් පාවිච්චි කරන්න කියල. ability ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. ඔය තෝරාගන්න hero ගේ හැටියට ඔය ability එක වෙනස් වෙනවා. දැන් අපි බලමු 4න් පෙන්නන්නේ මොකක්ද කියල.
4න් පෙන්නුම් කරන්නේ attack button එක. ඕක touch කලාම hero ගේ normal attack එක එයා use කරනවා.මේක ගැන කියන්න වැඩි යමක් නෑ ඉතින්. ability use කරන්න බැරි අවස්ථාවකදී කරන්න තියෙන්නේ ඕක තමයි. minions ලට attack කරද්දී මේකෙන් සැලකිය යුතු damage එකක් වෙනවා. නමුත් hero කෙනෙක්ට attack කරද්දී හිතන තරම හානියක් කරන්න අමාරුයි. hero ට attack කරනවා නම් ඉතින් 3 වෙනි ability එක තමා.
අංක 5න් පෙන්නන්නේ තවත් විශේෂම දෙයක්. ඕකට එහා පැත්තෙන් පෙන්නන්නේ අපිට තියන gold ප්‍රමාණය. ඔය $ ලකුණ touch කලාම අපිට පුළුවන් අපේ hero ගේ health, power, attack speed වගේ දේවල් වැඩි කරන්න පුළුවන් item මිලදී ගන්න. ඔය item ගැන කියන්න ගොඩක් දේවල් තියනව. ඒ ගැන මම වෙනම පොස්ට් එකක පල කරන්නම්. එක දෙයක් කියන්න ඕනේ හැම hero කෙනෙක්ටම හැම item එකම ගැලපෙන්නේ නෑ. මොකක්ද ගැලපෙන item එක කියල තෝරාගන්න ඒවා පාවිච්චි කරලම බලන්න වෙනවා. කොහොමත් match 10ක් 15ක් සෙල්ලම් කලාම මේ item ගැන හොද අවබෝධයක් ලබාගන්න පුළුවන්.
item ගැන කතාව දැනට මෙතනින් ඉවරයි, item ගැන සම්පූර්ණ ලිපියක් වෙනම ලියන්නම්.
අංක 6න් පෙන්නන දේ නම් එච්චර විශේෂ දෙයක් නෙමෙයි. එතන touch කලාම match එකේ scoreboard එක බලාගන්න පුළුවන්.එච්චරයි.
මන් හිතනවා මේ ලිපියෙන් ඔයාලට game එක ගැන දල අදහසක් ගන්න පුළුවන් වෙයි කියල. game එකේදී අපිට හම්බ වෙන heroes ල ගැනයි item ගැනයි තව වෙනවෙන දේවලුයි වෙන වෙනම දන්නා බලාපොරොත්තු වෙනවා.


No comments:
Post a Comment